කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික පදනමයි.එයින් යැපෙන ග්‍රාමීය ජනයා 70% ක් එය වත්මන් දළ දේශීය නිෂ්පාදනයෙන් 12% ක් . රටේ ප්‍රධාන කෘෂිබෝගය වන වී, වරෙක ස්වයංපෝෂිත මට්ටමක පැවතුනත් ස්ථාවර නැහැ. එහිදී එල්ලවන අභියෝග වන්නේ...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිබෝගය වන වී ස්වයංපෝෂිත සහ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේදී,
- නිෂ්පාදනය හා නිෂ්පාදකතාවය ස්ථාවරව ඉහළ අගයක පවත්වා ගැනීම.
- නිෂ්පාදන සාධක කාර්යක්ෂමව කළමනාකරණය.
- නිෂිපාදන පිරිවැය ඉහළ පැවතීම නිසා තරගකාරීත්වය ඇති කිරීම.
- අළෙවිය සම්බන්ධ ගැටළු .
- කෘෂිකාර්මික ආයතන අකාර්යක්ෂම වීම.
- යෙදවුම් අඩුවෙන් භාවිතය ,
- අස්වැන්න නිපදවීම අඩු වීම ,
- අස්වැන්න අළෙවිකිරීමේ ගැටළු ,
- අස්වැන්න ගබඩා කිරීමට ස්ථානයක් නොමැතිවීම ,
- අස්වැන්නේ අගය එකතු කිරීමේ හා නිෂ්පාදන සකස්කිරීමේ ආයතන නොමැතිවීම මෙහි ප්‍රධාන ගැටළු වේ.
මීට අමතර රනිල බෝග ( මුං,කවුපි) හා අනෙකුත් ක්ෂේත්‍ර බෝග වන බඩඉරිඟු, කුරක්කන්,රටකජු, තල , ලූනු , මිරිස් සහ අලවර්ග වල වර්ධනයේ පසුගාමීත්වයක් දකින්න පුළුවන් එනම්.........
ජාතික මට්ටමින් කෘෂිකාර්මික සංවර්ධනයක් ඇතිකිරීම මගින්,
- රටෙහි ජාතික නිෂ්පාදන ඉහළ නැංවීම,
- ආහාර සුරක්ෂිතතාව සහතික කර ගැනීම ,
- දරිද්‍රතාව පිටුදැකීම ,
- දේශීය ආහාර නිෂ්පාදනය , මල්වගාව , අපනයන බෝග සත්ත්ව හා ධීවර අංශ ඇතුළුව සමස්ත කෘෂිකාර්මික අංශයේම සීග්‍ර වර්ධනයත් අතය්යඅවශ්යයි .
අපේ දිළිඳුකම අඩු කර ගැනීම සඳහා ප්‍රායෝගික වූත් , සංවේදී වූත් , කෘෂිකාර්මික පිළිවෙතක් අවශ්‍ය වේ. ඒ සඳහා දේශීය ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ගයක් 2007 සැප්තැම්බර් 03 වන දා සිට ක්‍රියාත්මක කර ඇත .
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය,
මෙය කෘෂිකර්මය දියුණු කිරිම සඳහා ඇතිකරගත් සම්මතයකි. මෙය මගින් ආහාර බෝග , අපනයන කෘෂි බෝග සහ මල් හා විසිතුරු පැළෑටි යන අංග වලට අදාළ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනුයේ එම අංශ වල ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා .මෙම ප්‍රතිපත්ති හා පරමාර්ථ ඉදිරිපත් කර ඇත්තේ ,
- තාක්ෂණික වශයෙන් පිළිගත හැකි ,
- ආර්ථික වශයෙන් සාධනීය ,
- පාරිසරික වශයෙන් හිතකර ,
- ආහාර හා පෝෂණය සුරකිමින් ,
- වැඩි රැකියා අවස්ථා සහ ආදායමක් හිමිකර ගනිමින්,
- ගොවියාගේ ගැටළු නිරාකරණය කරමින් මූලික අවශ්‍යතා සපුරාලීම පිණිසයි .
අරමුණු හා පරමාර්ථ,
- ජාතියේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිනිස දේශීය කෘෂි කාර්මික නිෂ්පාදන වර්ධනය කිරීම .
- ඵලදායීතාව ප්‍රවර්ධනය හා තිරසාර වර්ධනයක් සහතික කිරීම .
- ගොවියාගේ ජීවන මට්ටම දියුණු කිරීම
- ගොවිපල් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම .
- දේශීය අපනයන කෘෂිකර්මය දියුණු කිරීම.
- කෘෂිකාර්මික රැකියා අවස්ථාවන් වැඩි කිරීම .
- පරිසරයට හිතකාමී ලෙස කෘෂි කර්මාන්තයේ නියලීමේ ක්‍රම භාවිතය .
- නිශ්පාදන වියදම අඩු කර ලාභය වැඩිකර ගනිමින් වැඩිදියුණු කල කෘෂි තාක්ෂණයන් භාවිතය .
- දේශීය ආහාර බෝග භාවිතය වැඩි කිරීම .
- කෘෂි ක්ෂේත්රය මත පදනම් වූ පෞද්ගලික අංශයේ ආයෝජන හා ව්‍යවසායකත්වය දියුණු කිරීම.
- පරිසරි කළමනාකරණය සඳහා නීති රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය ආයතනික හා යටිතල පහසුකම් ඇති කිරීම.
ADLA G.O.plantation.
ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න පුළුවන් කෘෂිකාර්මික පදනමක විතරමයි, අනෙක් සියළු කර්මාන්ත සංවර්ධනය කරන අතරෙ, කෘෂි ආර්ථිකය රටේ කොඳු නාරටිය හෝ හදවත ලෙස සැලකිය යුතුමයි! රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය කරට කර වැඩ කරමින් මේ යථාර්ථය තුළ රට පෙරට තල්ලු කරන්න ඕන! ඔව්! අපි විවිධ මාර්ග ඔස්සේ ඒ දිශාව සොයා යමු!
ReplyDelete