විද්‍යාත්මක නම - Cinnamomum zeylanicum Blume හෙවත් Cinnamomum verum Presl
කුලය - Lauraceae
ඝන නාමය - Cinnamomum
ශ්‍රී ලංකාවට ආවේනික කුරුඳු ශාකය ශ්‍රීලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව සම්භවය වී ඇති අතර මහනුවර,මාතලේ,නුවරඑළිය , හපුතලේ සහ සිංහරාජ වනාන්තරය තුල දැනටමත් පවතින ස්වභාවික කුරුඳු ශාක වලින් සහ වල් දර්ශ වලින් සනාථ වේ.
කුරුඳු ශාකයේ අතීත වගතුඟ ,
ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව පැරණිතම ලිඛිත සාක්ෂිය හමුවන්නේ දහවන සියවසේ Buzurg B. Shariyar විසින් රචනා කළ 'Aja ib al Hind' හෙවත් 'Winders of India' යන කෘතියෙනි. කයිරෝ ජෙනිසා හි හමුවූ 12 වන සියවසේදී යුදෙව් වෙළදුන් රචනා කළ ලිපි වලද කුරුඳු ශාකයේ උපත ශ්‍රී ලංකාවේ බව හදුන්වා ඇත.
එසේම පොළොන්නරු යුගයේදී පවා ශ්‍රී ලංකාවෙන් විදේශයන් කරා කුරුඳු අපනයනය කර ඇත. 13 වන සියවසේදී යාපහුවේ රජකම් කළ පළමුවන බුවනෙකබාහු රාජ සමයේ ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනය සිදු වූ බව එම සමයේ ලිඛිත සාධක වලින් පැහැදිලි වේ .1505 වසරට පෙර කාලයේදී කුරුඳු ඇතුළු කුළුබඩු වෙළඳාම අරාබි ජාතීන්ගේ ආධිපත්‍යක්ව පැවතුන අතර 1505 ට පසුව පෘතුගීසි ආක්‍රමණය සමඟ පෘතුගීසින්ගේ අතට පත්විය.ඉන් පසුව 1658 වසරෙන් පසු ලන්දේසීන්ගේ ආක්‍රමණය සමඟ කුළුබඩු වෙළඳාම ලන්දේසීන්ගේ අතට පත්විය. ඉන් පසුව 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තම අණසකට ගැනීමත් සමඟ කුරුඳු වෙළදාමත් ඔවුන්ගේ අණසකට පත්විය.
වසර 1850 වන විට ශ්‍රී ලංකාව තුළ මුළු කුරුඳු වගාබිම් ප්‍රමාණය අක්කර 50,000 ක් විය. 1928 වසර වන විට කුරුඳු වගා ප්‍රදේශ වල පොල් වගාකිරීම හේතුවෙන් කුරුඳු ඉඩම් වැඩි ප්‍රමාණයක් පොල් වගාව සඳහා යොමුකර ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මුළු කුරුඳු ඉඩම් ප්‍රමාණය අක්කර 25,000 ක් පමණ අඩු විය . එයින් අක්කර 15,000 ක් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් අක්කර 8,000ක් පමණ මීගමුව ප්‍රදේශ වලත් පවතී.
කුරුඳු වගාවක් අරභමු,
දේශගුණික සහ පාංශු අවශ්‍යතා,
තෙත් හා අතරමැදි කළාප වල ශාකය හොදින් වර්ධනය වේ.උස මුහුදු මට්ටම සිට මීටර 700 ක් ඉහළ ඉඩම් විය යුතුය.
බොරළු,දොඩංගොඩ සහ වැද්දාගල යන පස් ඛාන්ඩ වල හොදින් වගා කළ හැක.
PH අගය 5.5-6.5වේ නමුත් PH 5.5 ට අඩු ප්‍රදේශ වලද ඩොලමෛට් යෙදීම මගින් සාර්ථකව වගා කළ හැක.
උෂ්ණත්වය - 25 C0 - 30 C0වාර්ෂික වර්ෂාපතනය - මි.මී.1875-3750
පැළ සිටුවීම සඳහා ක්ෂේත්‍රය සකස් කිරීම ,
සම්පූර්ණව වගා භූමිය තුළින් වල් පැළ ඉවත් නොකළ යුතුය.රබර් මුල් ඉඩමේ පවතී නම් සියල්ල ඉවත් කල යුතුය .
වසර 15 ක් ඉක්මවූ පොල් ඉඩම් වලද කුරුඳු වගා කළ හැක.
ක්ෂේත්‍රයට හොදින් ආලෝකය ලැබිය යුතුය.
පාංශු සංරක්ෂණය,
කුට්ටි කාණු හෝ ගල් වැටි යොදා පස සංරක්ෂණය කළ යුතුය.තවාන සහ පැළ ලබා ගැනීම,
වඩාත් සාර්ථක වන්නේ බීජ මගින් පැළ ලබා ගැනීමයි.ඉදී දම් පැහැයට හැරුණු බීජ නෙලා දිනක් හෝ දින 2ක් සෙවන සහිත ස්ථානයක ඵලාවරණය මෘදු වන තුරු ගොඩගසා තැබිය යුතුය .
පසුව ඵලාවරණය ඉවත් කර හැකි ඉක්මනින් තවාන් කර ගත යුතුය.
තවාන් කිරීම සඳහා පුරවාගත් පොලිතීන් බදුන් භාවිතා කළ යුතුය.
බඳුන් අගල් 8×5 ප්‍රමාණය විය යුතුය.
බඳුන් මිශ්‍රණය මතුපිට පස් : කොම්පෝස්ට්:වැලි : කොහුබත් 1:1:1:1 අනුපාතයට මිශ්‍ර කර බඳුන් පුරවා ගත යුතුය .
පුරවාගත් බඳුන් වලට සෝදාගත් බීජ 6-7 ක් පමන දමා සෙ.මී.0.5 ක් පමණ තුනී පස් ස්ථරයක් දමාගත යුතුය.
දිනපතා ජල සම්පාදනය කළ යුතුය.
සිටුවා මාස 2ක් පමණ තාවකාලිකව සෙවණ සැපයිය යුතුය.
සිටුවා සති 2න් බීජ ප්‍රරෝහණය ආරම්භ වේ.
මාස 4-6 ක කාලයකට පසු එක් බඳුනක පැළ පහක් අවම වශයෙන් පැවතිය යුතුය. එම බඳුන් ක්ෂේත්‍රයේ ස්ථාපනයට සුදුසු වේ.
ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම.
සමෝච්ච රේඛා අනුව අඩි 1×1×1 ප්‍රමාණයේ වලවල් කපා ගත යුතුය .
අඩි 4×2 හෝ අඩි 4×3 පරතරය ඇතුව වලවල් කපා ගත යුතුය .
මතුපට පස් යොදා වල පිරවීම කළ හැක.
පැළ පුහුණුව හා කප්පාදු කිරීම ,
ක්ෂේත්‍රයේ ස්ථාපනයෙන් පසු මාස 3 න් පුහුණු කිරීම ආරම්භ කළ හැක.පැළයට අවුරුද්දක් පමන ගත වූ පසු ගස් වල පහළ කොටසහි හරස් තු බිම සිට සෙ.මී.35-45 පමණ උසට යනතෙක් ඉවත් කළ යුතුය. පදුරේ පාමුලට යනතුරු හොදින් ආලෝකය වැටය යුතුය.
අස්වනු නෙලීම,
අලුතින් සිටවූ වගාවකින් අවුරුදු 2.5-3 කදී අස්වැන්න නෙලිය හැක.
පොත්තේ වර්ණය දුඹුරු පැහැ ගැන්වී ඇති අවස්ථාව අස්වනු නෙලීමට සුදුසුම අවස්ථාව වේ.
මේරූකඳ කපාගත යුත්තේ එහි දළු මේරීමෙන් පසුවය.
පාලන තත්ව යටතේ වසරකට දෙවරක් අස්වනු නෙලිය හැක.
අස්වැන්න.
හොද පාලන තත්වයක් යටතේ අස්වැන්න වසරකදී හෙක්ටයාරයකට කි.ග්‍රෑ.1000 ක් ලබාගත හැක. අස්වනු නෙලීමේදී කොළ කි.ග්‍රෑ.1000 ක් පමණ වසරකට ලැබේ.මෙම කොළ තෙල් නිස්සාරණයට යොදාගැනීම මගින් අමතර ආදායමක් ලබාගත හැක.
ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ අති අනර්ඝතම කුරුඳු ලෙස හැදින්විය හැක. ලෝක වෙළදපොළේ සත්‍ය කුරුඳු ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් (85%) සපයන්නේ ශ්‍රී ලංකාවෙනි.
ලංකාවට ආවේණික ශාකයක් වූ කුරුඳු වර්තමානයේ දකුණු පළාතට වන්නට කළුතර හා බෙලිඅත්ත දක්වා ඇති මුහුදු තීරයේද බෙහෙවින් පැතිරී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේද ව්‍යාප්ත වී ඇත.
ADLA G.O.plantation.
No comments:
Post a Comment