Friday, July 21, 2017

ADLA වගා ව්‍යාපෘතිය හා එක්වෙමු.



මේ අහන්න!




මේ අහන්න!
අපිත් ආසයි ඔයගොල්ලො වගේම සතුටින් ඉන්න. අපේ කට්ටියත් එක්ක ගහෙන් ගහට පැන පැන ජීවිතය විඳින්න. අපි කිව්වාට තව කට්ටිය හුඟාක් ඉන්නවා. ලස්සන ලස්සන කුරුල්ලො, පාට පාට සමනල්ලු, ගොන්නු, මුවෝ, ඉත්තෑවො, දඬු ලේන්නු, ලේන්නු...බඩ ගාගෙන යන කට්ටිය, කුඹි වගෙ පුංචිම අය. එක එක විදිහෙ තව හුඟාක් සත්තු - අපි එකට ජීවත්වෙනවා. කොටියො, දිවියො, වලස්සු එහෙම නං දැන් දකින්නෙ ඉඳලා හිටලා...අලි ත් ඉස්සර වගෙ නැහැ කියලා වැඩිහිටි අය කියනවා. 
අපේ සමහර අය තවත් සමහර අය එක්ක සටන් කෙරුවට, නිකං පුරුද්දට ගොදුරු කර ගත්තාට, අපි කාගෙවත් හිත්වල අනිත් අය ගැන තරහක් වෛරයක් නැහැ.  මේ කිසිම දෙයක් අයිති කරගන්න අපේ කාටවත් ඕන කමක් නැහැ. මේ වනාන්තර අපි හැමෝගෙම.
ඇයි ඉතිං ඔයගොල්ලො මේවා විනාශ කරන්නෙ?
අනේ! මොන හිතින්ද එහෙම කරන්නෙ ?
ඔයගොල්ලො හරිම නපුරුයි!
අපිට එන්න යන්න ඉන්න තැන් දැන් හුඟාක් අඩුයි. ඔයගොල්ලො එකතුවෙලා, දවසින් දවස වනාන්තර විනාශකරනවා.  ඔයගොල්ලන්ට ඕන දේවල් හදනවා. මේ වනාන්තර මැද්දෙන් ගලාගෙන ගිය ගංගා ඇළ දොළ එහෙමත් දැන් අතුරුදහන් වෙන්න පටන් අරං. අනේ ඒවායෙ ඉන්න මාළුවො, එයාලත් එක්ක තවත් අය ඉන්නවා. අපි ඔක්කොම පව්!
ඇයි අපිට මෙහෙම කරන්නෙ?
ඔයගොල්ලො දන්නෙ නැති වුණාට අපේ කට්ටියයි මේ ගහ කොළයි අතර ලොකු බැඳීමක් තියෙනවා. ගහ කොළ මරා දැම්මොත් අපිත් මැරෙයි. අපිව මරා දැම්මොත් ගහ කොළත් මැරෙයි. ඔයගොල්ලො හිතන්නෙ එතකොට ඔයගොල්ලො බේරෙයි කියලා ද? නැහැ! අන්තිමට ඔයගොල්ලන්ටත් යන එන මං නැති වෙනවා.
අපිට දැනෙන විදිහට නං මේ මුළු ලෝකයම එකට පවතින්න ඕනෙ. හැම දෙයක්ම එකට එක බැඳිලා. එකක් අනිකෙන් වෙන් කරනකොට එකක්වත් පතින්නෙ නැහැ!
අනේ මේ ගැන ටිකක් හිතන්නකො! අපිට වඩා ඔයගොල්ලන්ට මොළේ තියෙනවානෙ.
අපේ සමහරු නං කියන්නෙ, මිනිස්සුත් අපේ නෑදෑයො කියලා. ඒක නං කීයටවත් වෙන්න බැහැ. බොරු කතාවක්. එහෙම නං අපිට මෙහෙම කරයි ද?
අපිට හුඟාක් දේවල් තේරෙන්නෙ නං නැහැ. ඒත් එක දෙයක් හොඳටම තේරෙනවා. ඔයගොල්ලො මේ දැන් හිතන්න පටන් ගත්තොත්, මේ ගහ කොළ වගේම අපිත් රැකෙයි. නැත්තං ඉතිං අපිට යන්න වෙනවා.
අනේ ඉතිං මේ ලස්සන ලෝකය දාලා අපි යන්නෙ කොහොමද?
අපට මෙහෙම කරන්න එපා!
අපි, එකම රංචුවක් වෙමු!
ඒ ගොල්ලො වෙනුවෙන්...



ඔන්න, අපේ ගෙදර කිතුල් හකුරු දාලා තියෙන වීදුරු භාජනයට පුංචිම පුංචි කුඹී සේනාවක් ඇවිත්. ඒගොල්ලො යවන්න තියෙන එකම සරල ක්‍රමය තමයි, භාජනය අව්වෙ තියෙන එක. අව්වත් එච්චර සැර නැහැ හකුරු දියවෙන්න තරම්, ඉතිං භාජනය අව්වෙ තියල, මැස්සෙකුට එහෙම එන්න බැරිවෙන්න ලොකු දැල් පෙරණයකින් ආවරණය කරලම තිව්වා. වැඩේ හරි! අර පුංචි කුඹී සේනාව හෙමින් හෙමින් පරාජය භාර අරගෙන විසිර ගියා. ඒත් ටික වෙලාවයි ගියේ, කොහේදෝ ඉඳලා, ලොකු කුඹී සෙට් එකක් බය නැතුව ඇවිත් අර දැල් ආවරණය යටින් භාජනයට ඇතුළු වුණා.
මෙන්න ඒගොල්ලො, තමන් කලින් අරන් තියල තිබුණු හකුරු වගෙ, ලොකු කෑලි කෑලි උස්සගෙන කඩිසර ගමනින් ආපු පැත්තටම යන්න යනවා. ඒ මග නන්නත්තාර වෙලා ඉන්න පුංචි කුඹී ඒ ලොකු කුඹී දිහා බලාගෙන ඉන්න විදිහකුත් පේනවා. 
මාර වැඩේ!
''අපට තමයි ඔය සේරම නීති, උඹලට ඕන දෙයක් කරන්න පුළුවන්, ඈ!'' උන් එහෙම කියල හිත හදා ගන්නව ඇති.
'' අනේ පුංචි කුහුඹුවනේ! උඹලත් ඉතිං අපි වගේමයි...''
මම එහෙම කිව්වා! එයාලට ඇහුණා ද මන්දා!

ADLA green organic plantation : වැවයි දාගැබ යි ගමයි පන්සල යි!

ADLA green organic plantation : වැවයි දාගැබ යි ගමයි පන්සල යි!: වැවයි දාගැබ යි ගමයි පන්සල යි!  වැවයි දාගැබයි ගමයි පන්සල යි! කියන්නෙ, කවුරු කවදා නිර්මාණය කෙරුවත්, ඉතාමත්ම පුළුල් අර්ථයක් තිය...

වැවයි දාගැබ යි ගමයි පන්සල යි!




Image may contain: people standing, sky and outdoor






වැවයි දාගැබ යි ගමයි පන්සල යි! වැවයි දාගැබයි ගමයි පන්සල යි! කියන්නෙ, කවුරු කවදා නිර්මාණය කෙරුවත්, ඉතාමත්ම පුළුල් අර්ථයක් තියෙන සමීකරණයක්!ඒ කියන්නෙ;වැවයි දාගැබයි ගමයි පන්සලයි = තිරසාර සංවර්ධනය!
මේ තමයි මහින්දාගමනයෙන් පස්සෙ යළි සූත්‍රගතවන ලංකාව, එදා හෙළය.
බුදු දහම කියන, විශ්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය හෙවත් ජීවිතය පිළිබඳ යථා අත්දැකීම, එදා ලංකාව ට එන්නෙ අශෝක අධිරාජ්‍යයාගෙ රාජ්‍ය දේශපාලන පණිවිඩයක් හැටියට. එය එවකට පැවති දෙවැනි පෑතිස් රජ සමය විසින් ඉතාමත් ම තර්කානුකූළ විදිහට ග්‍රහණය කරගන්නවා.
එදා හෙළය, භාරත දේශපාලනය හරහා එන 'බුද්ධාගම' තුළ තිබෙන ගැඹුරු විද්‍යාව ( අවිද්‍යාව ට එරෙහි! ) ඉතා හොඳින් වටහා ගන්න සමත් වීම, මුළු මානව සංහතියම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දක්වා ත් විහිදෙන ඒ ඓතිහාසික ක්‍රියාවලිය, මේ වනවිට අසම සම මහා දැනුම් පද්ධතියක් ලෝකයට දායාද කර තිබෙනවා.
එදා හෙළයෙ පාලන යාන්ත්‍රණය හෙවත් ලංකාවට අනන්‍ය ඓතිහාසික දේශපාලනය, වඩා මානවවාදී සහ විශේෂයෙන්ම ස්වභාවධර්මය සමඟ හොඳින් සුසර වන ආකාරයට ප්‍රතිසංවිධානය වෙමින් ගලාගෙන එන්නෙත් ඒ සන්දර්භය තුළමයි.
එදවස ගොඩ නැගුණු සහ අද අපට අහිමි වෙමින් යන, ගොවිබිම සහ ගොවිකම කියවා ගන්න නං මෙන්න මේ අතීතය හොඳින් කියවා ගන්නම වෙනවා.
බලන්න! ගංගා හරස් නොකළ, හෙළයෙ වැව් පද්ධතිය සහ ස්වභාව ධර්මය සමඟ සුසංයෝග වන මහා වාරි තාක්ෂණය. අපේ කෙත්වතු තුළ තිබුණු 'ජීවිතය' තමයි හෙළ සංස්කෘතිය විදිහට අපට කියවා ගන්න ලැබෙන්නෙ.
අපේ කුඹුරු තුළ දිය බැස්ම සකස් වී තිබුණු ආකාරයට පාංශු පෝෂණය තහවුරු කෙරුණා. ඒ ක්‍රමය තුළ වල් පැළෑටි තර්ජනය අවම වුණා. කෘමි උවදුර ත් ජෛව යාන්ත්‍රණය තුළ ම සමබර වුණා. ඒ අතර කුඹුර ඉස්මත්තෙ කුරුළු පාළුව ගැන හිතන්න!
මොන තරම් සුන්දර සහ විද්‍යාත්මක අත්දැකීමක් ද? ඉතිං ඒ වගා බිමෙන් පෝෂණය වන එදා ගම ගැන කුමන කතා ද? ජෛවගෝලය සමඟ පෑහෙන ගොවිබිම සහ ගොවිකම, ස්වභාවධර්මය තුළ ජීවිතය, පන්සලේ ඝාන්ඨාර නාදය, සාමුහිකත්වය, සශ්‍රිකත්වය!
වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ මේ සියල්ල! අපට මගහැරෙන සහ නුතන වෙළෙඳපොළ විසින් සැලසුම් සහගතව අපෙන් මඟ හරවන, ලාංකේය ජාතිකත්වයේ - මේ ඓතිහාසික සංස්කෘතික පාදම නිවැරදිව වටහා ගත්තොත්, 'ජීවිතය' සහ ජීවිතය නිරුපද්‍රිතව පවතින, ''නියම තිරසාර සංවර්ධනය'' මොකද්ද කියලා මුළු ලෝකයටම කියා දෙන්න අපට පුළුවන්!
CHAPA

July 19, 2017
මේ තමයි මහින්දාගමනයෙන් පස්සෙ යළි සූත්‍රගතවන ලංකාව, එදා හෙළය.බුදු දහම කියන, විශ්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය හෙවත් ජීවිතය පිළිබඳ යථා අත්දැකීම, එදා ලංකාව ට එන්නෙ අශෝක අධිරාජ්‍යයාගෙ රාජ්‍ය දේශපාලන පණිවිඩයක් හැටියට. එය එවකට පැවති දෙවැනි පෑතිස් රජ සමය විසින් ඉතාමත් ම තර්කානුකූළ විදිහට ග්‍රහණය කරගන්නවා.එදා හෙළය, භාරත දේශපාලනය හරහා එන 'බුද්ධාගම' තුළ තිබෙන ගැඹුරු විද්‍යාව ( අවිද්‍යාව ට එරෙහි! ) ඉතා හොඳින් වටහා ගන්න සමත් වීම, මුළු මානව සංහතියම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දක්වා ත් විහිදෙන ඒ ඓතිහාසික ක්‍රියාවලිය, මේ වනවිට අසම සම මහා දැනුම් පද්ධතියක් ලෝකයට දායාද කර තිබෙනවා.එදා හෙළයෙ පාලන යාන්ත්‍රණය හෙවත් ලංකාවට අනන්‍ය ඓතිහාසික දේශපාලනය, වඩා මානවවාදී සහ විශේෂයෙන්ම ස්වභාවධර්මය සමඟ හොඳින් සුසර වන ආකාරයට ප්‍රතිසංවිධානය වෙමින් ගලාගෙන එන්නෙත් ඒ සන්දර්භය තුළමයි.එදවස ගොඩ නැගුණු සහ අද අපට අහිමි වෙමින් යන, ගොවිබිම සහ ගොවිකම කියවා ගන්න නං මෙන්න මේ අතීතය හොඳින් කියවා ගන්නම වෙනවා.බලන්න! ගංගා හරස් නොකළ, හෙළයෙ වැව් පද්ධතිය සහ ස්වභාව ධර්මය සමඟ සුසංයෝග වන මහා වාරි තාක්ෂණය. අපේ කෙත්වතු තුළ තිබුණු 'ජීවිතය' තමයි හෙළ සංස්කෘතිය විදිහට අපට කියවා ගන්න ලැබෙන්නෙ.අපේ කුඹුරු තුළ දිය බැස්ම සකස් වී තිබුණු ආකාරයට පාංශු පෝෂණය තහවුරු කෙරුණා. ඒ ක්‍රමය තුළ වල් පැළෑටි තර්ජනය අවම වුණා. කෘමි උවදුර ත් ජෛව යාන්ත්‍රණය තුළ ම සමබර වුණා. ඒ අතර කුඹුර ඉස්මත්තෙ කුරුළු පාළුව ගැන හිතන්න!මොන තරම් සුන්දර සහ විද්‍යාත්මක අත්දැකීමක් ද? ඉතිං ඒ වගා බිමෙන් පෝෂණය වන එදා ගම ගැන කුමන කතා ද? ජෛවගෝලය සමඟ පෑහෙන ගොවිබිම සහ ගොවිකම, ස්වභාවධර්මය තුළ ජීවිතය, පන්සලේ ඝාන්ඨාර නාදය, සාමුහිකත්වය, සශ්‍රිකත්වය!වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ මේ සියල්ල! අපට මගහැරෙන සහ නුතන වෙළෙඳපොළ විසින් සැලසුම් සහගතව අපෙන් මඟ හරවන, ලාංකේය ජාතිකත්වයේ - මේ ඓතිහාසික සංස්කෘතික පාදම නිවැරදිව වටහා ගත්තොත්, 'ජීවිතය' සහ ජීවිතය නිරුපද්‍රිතව පවතින, ''නියම තිරසාර සංවර්ධනය'' මොකද්ද කියලා මුළු ලෝකයටම කියා දෙන්න අපට පුළුවන්!CHAPA
July 19, 2017July 19, 2017

Monday, July 17, 2017

ADLA green organic plantation : ගම්මිරිස් වගාව ,

ADLA green organic plantation : ගම්මිරිස් වගාව ,:                                                                                           විද්‍යාත්මක නම     -     Piper nigrum L...

Friday, July 14, 2017

කුරුඳු වගාව .

    

                                          



විද්‍යාත්මක නම    -   Cinnamomum zeylanicum Blume    හෙවත්   Cinnamomum verum Presl

කුලය                   -  Lauraceae

ඝන නාමය           -  Cinnamomum 



         ශ්‍රී ලංකාවට ආවේනික කුරුඳු ශාකය ශ්‍රීලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව සම්භවය වී ඇති අතර  මහනුවර,මාතලේ,නුවරඑළිය , හපුතලේ සහ සිංහරාජ වනාන්තරය තුල දැනටමත් පවතින ස්වභාවික කුරුඳු ශාක වලින් සහ වල් දර්ශ වලින් සනාථ වේ. 

කුරුඳු ශාකයේ අතීත වගතුඟ ,

    ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව පැරණිතම ලිඛිත සාක්ෂිය හමුවන්නේ දහවන සියවසේ  Buzurg B. Shariyar විසින් රචනා කළ 'Aja ib al Hind' හෙවත් 'Winders of India' යන කෘතියෙනි. කයිරෝ ජෙනිසා හි හමුවූ  12 වන සියවසේදී යුදෙව් වෙළදුන් රචනා කළ ලිපි වලද කුරුඳු ශාකයේ උපත ශ්‍රී ලංකාවේ බව හදුන්වා ඇත.    

    එසේම පොළොන්නරු යුගයේදී පවා ශ්‍රී ලංකාවෙන් විදේශයන් කරා කුරුඳු අපනයනය කර ඇත.  13 වන සියවසේදී යාපහුවේ රජකම් කළ පළමුවන බුවනෙකබාහු රාජ සමයේ ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනය සිදු වූ බව එම සමයේ ලිඛිත සාධක වලින් පැහැදිලි වේ .1505 වසරට පෙර කාලයේදී කුරුඳු ඇතුළු කුළුබඩු වෙළඳාම අරාබි ජාතීන්ගේ ආධිපත්‍යක්ව පැවතුන අතර 1505 ට පසුව පෘතුගීසි ආක්‍රමණය සමඟ පෘතුගීසින්ගේ අතට පත්විය.ඉන් පසුව 1658 වසරෙන් පසු ලන්දේසීන්ගේ ආක්‍රමණය සමඟ කුළුබඩු වෙළඳාම ලන්දේසීන්ගේ අතට පත්විය. ඉන් පසුව 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තම අණසකට ගැනීමත් සමඟ කුරුඳු වෙළදාමත් ඔවුන්ගේ අණසකට පත්විය. 

    වසර 1850 වන විට ශ්‍රී ලංකාව තුළ  මුළු කුරුඳු වගාබිම් ප්‍රමාණය අක්කර 50,000 ක් විය. 1928 වසර වන විට කුරුඳු වගා ප්‍රදේශ වල පොල් වගාකිරීම හේතුවෙන් කුරුඳු ඉඩම් වැඩි ප්‍රමාණයක් පොල් වගාව සඳහා යොමුකර ඇත. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ  මුළු කුරුඳු ඉඩම් ප්‍රමාණය අක්කර 25,000 ක් පමණ අඩු විය . එයින් අක්කර 15,000 ක් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් අක්කර  8,000ක් පමණ මීගමුව ප්‍රදේශ වලත් පවතී. 

                                                 කුරුඳු වගාවක් අරභමු,

දේශගුණික සහ පාංශු අවශ්‍යතා,

තෙත් හා අතරමැදි කළාප වල  ශාකය හොදින් වර්ධනය වේ.
උස මුහුදු මට්ටම සිට මීටර
700 ක් ඉහළ  ඉඩම් විය යුතුය. 

බොරළු,දොඩංගොඩ සහ වැද්දාගල යන පස් ඛාන්ඩ වල හොදින් වගා කළ  හැක. 
PH අගය 5.5-6.5වේ  නමුත්  PH 5.5 ට අඩු ප්‍රදේශ වලද ඩොලමෛට් යෙදීම මගින් සාර්ථකව වගා කළ  හැක. 
උෂ්ණත්වය - 25 C0 - 30 C0වාර්ෂික වර්ෂාපතනය - මි.මී.1875-3750 


පැළ සිටුවීම සඳහා ක්ෂේත්‍රය සකස් කිරීම ,

සම්පූර්ණව වගා භූමිය තුළින් වල් පැළ ඉවත් නොකළ යුතුය.
 රබර් මුල් ඉඩමේ  පවතී නම් සියල්ල ඉවත් කල යුතුය .                      
වසර 15 ක් ඉක්මවූ පොල් ඉඩම් වලද කුරුඳු වගා කළ  හැක.

ක්ෂේත්‍රයට හොදින් ආලෝකය ලැබිය යුතුය.

පාංශු සංරක්ෂණය,

කුට්ටි කාණු හෝ ගල් වැටි යොදා පස සංරක්ෂණය කළ  යුතුය. 


තවාන සහ පැළ  ලබා ගැනීම,

වඩාත් සාර්ථක  වන්නේ බීජ මගින් පැළ ලබා ගැනීමයි.
ඉදී දම් පැහැයට හැරුණු බීජ නෙලා දිනක් හෝ දින 2ක් සෙවන සහිත ස්ථානයක ඵලාවරණය මෘදු වන තුරු ගොඩගසා තැබිය යුතුය .
පසුව ඵලාවරණය ඉවත් කර හැකි ඉක්මනින් තවාන් කර ගත යුතුය. 
තවාන් කිරීම සඳහා පුරවාගත්  පොලිතීන් බදුන් භාවිතා කළ  යුතුය.
බඳුන් අගල් 8×5 ප්‍රමාණය විය යුතුය.
බඳුන් මිශ්‍රණය මතුපිට පස් : කොම්පෝස්ට්:වැලි : කොහුබත්  1:1:1:1 අනුපාතයට මිශ්‍ර කර බඳුන් පුරවා ගත යුතුය .
පුරවාගත් බඳුන් වලට සෝදාගත් බීජ 6-7 ක් පමන දමා සෙ.මී.0.5 ක් පමණ තුනී පස් ස්ථරයක් දමාගත යුතුය. 
දිනපතා ජල සම්පාදනය කළ  යුතුය. 
සිටුවා මාස 2ක් පමණ තාවකාලිකව සෙවණ සැපයිය යුතුය. 
සිටුවා සති 2න් බීජ ප්‍රරෝහණය ආරම්භ වේ.
මාස 4-6 ක කාලයකට පසු එක් බඳුනක පැළ පහක් අවම වශයෙන් පැවතිය යුතුය. එම බඳුන් ක්ෂේත්‍රයේ ස්ථාපනයට සුදුසු වේ. 



ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම.


සමෝච්ච රේඛා අනුව අඩි 1×1×1 ප්‍රමාණයේ වලවල් කපා ගත යුතුය .
අඩි 4×2  හෝ  අඩි 4×3 පරතරය ඇතුව වලවල් කපා ගත යුතුය . 
මතුපට පස් යොදා වල පිරවීම කළ  හැක. 


පැළ පුහුණුව හා කප්පාදු කිරීම ,

ක්ෂේත්‍රයේ ස්ථාපනයෙන් පසු මාස 3 න් පුහුණු කිරීම ආරම්භ කළ  හැක.
පැළයට අවුරුද්දක් පමන ගත වූ පසු ගස් වල පහළ කොටසහි හරස් තු බිම සිට සෙ.මී.35-45 පමණ උසට යනතෙක් ඉවත් කළ යුතුය. පදුරේ පාමුලට යනතුරු හොදින් ආලෝකය වැටය යුතුය.


අස්වනු නෙලීම, 

අලුතින් සිටවූ වගාවකින් අවුරුදු 2.5-3 කදී අස්වැන්න නෙලිය හැක. 
පොත්තේ වර්ණය දුඹුරු පැහැ ගැන්වී ඇති අවස්ථාව අස්වනු නෙලීමට සුදුසුම අවස්ථාව වේ. 
මේරූකඳ කපාගත යුත්තේ එහි දළු මේරීමෙන් පසුවය.
පාලන තත්ව යටතේ වසරකට දෙවරක් අස්වනු නෙලිය හැක.

අස්වැන්න.


හොද පාලන තත්වයක් යටතේ අස්වැන්න වසරකදී හෙක්ටයාරයකට කි.ග්‍රෑ.1000 ක් ලබාගත හැක. අස්වනු නෙලීමේදී කොළ කි.ග්‍රෑ.1000 ක් පමණ වසරකට ලැබේ.මෙම කොළ තෙල් නිස්සාරණයට යොදාගැනීම මගින් අමතර ආදායමක් ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ අති අනර්ඝතම කුරුඳු ලෙස හැදින්විය හැක. ලෝක වෙළදපොළේ සත්‍ය කුරුඳු ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් (85%) සපයන්නේ ශ්‍රී ලංකාවෙනි. 

ලංකාවට ආවේණික ශාකයක් වූ කුරුඳු වර්තමානයේ දකුණු පළාතට වන්නට කළුතර හා බෙලිඅත්ත දක්වා ඇති මුහුදු තීරයේද බෙහෙවින් පැතිරී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේද ව්‍යාප්ත වී ඇත.
 


                                                                                                                       ADLA G.O.plantation.





 









Tuesday, July 11, 2017

ADLA green organic plantation : ශ්‍රීලංකාව, කෘෂිකර්මාන්තය සමඟ පෙරට ...

ADLA green organic plantation : ශ්‍රීලංකාව, කෘෂිකර්මාන්තය සමඟ පෙරට ...:                       කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික පදනමයි.එයින් යැපෙන ග්‍රාමීය ජනයා 70% ක්  එය වත්මන් දළ දේශීය නිෂ්පාදනයෙන් ...

ශ්‍රීලංකාව, කෘෂිකර්මාන්තය සමඟ පෙරට ...

             





        කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථික පදනමයි.එයින් යැපෙන ග්‍රාමීය ජනයා 70% ක්  එය වත්මන් දළ දේශීය නිෂ්පාදනයෙන් 12% ක් . රටේ ප්‍රධාන කෘෂිබෝගය වන වී, වරෙක ස්වයංපෝෂිත මට්ටමක පැවතුනත් ස්ථාවර   නැහැ. එහිදී එල්ලවන අභියෝග වන්නේ... 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිබෝගය වන වී ස්වයංපෝෂිත සහ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේදී,

  • නිෂ්පාදනය හා නිෂ්පාදකතාවය ස්ථාවරව ඉහළ  අගයක පවත්වා ගැනීම.
  • නිෂ්පාදන සාධක කාර්යක්ෂමව කළමනාකරණය.
  • නිෂිපාදන පිරිවැය ඉහළ පැවතීම නිසා තරගකාරීත්වය ඇති කිරීම.
  • අළෙවිය සම්බන්ධ ගැටළු .
  • කෘෂිකාර්මික  ආයතන අකාර්යක්ෂම වීම.
  • යෙදවුම් අඩුවෙන් භාවිතය , 
  • අස්වැන්න නිපදවීම අඩු වීම ,
  • අස්වැන්න අළෙවිකිරීමේ  ගැටළු , 
  •  අස්වැන්න ගබඩා කිරීමට ස්ථානයක් නොමැතිවීම ,
  • අස්වැන්නේ අගය එකතු කිරීමේ හා නිෂ්පාදන සකස්කිරීමේ ආයතන නොමැතිවීම මෙහි ප්‍රධාන ගැටළු වේ. 
        මීට අමතර රනිල බෝග ( මුං,කවුපි) හා අනෙකුත් ක්ෂේත්‍ර බෝග වන බඩඉරිඟු, කුරක්කන්,රටකජු, තල , ලූනු , මිරිස් සහ අලවර්ග වල වර්ධනයේ පසුගාමීත්වයක් දකින්න පුළුවන් එනම්.........

ජාතික මට්ටමින්  කෘෂිකාර්මික සංවර්ධනයක් ඇතිකිරීම මගින්,

  •  රටෙහි ජාතික නිෂ්පාදන ඉහළ නැංවීම,
  • ආහාර සුරක්ෂිතතාව සහතික කර ගැනීම ,
  • දරිද්‍රතාව පිටුදැකීම ,
  • දේශීය ආහාර නිෂ්පාදනය , මල්වගාව , අපනයන බෝග සත්ත්ව හා ධීවර අංශ ඇතුළුව සමස්ත කෘෂිකාර්මික අංශයේම සීග්‍ර වර්ධනයත් අතය්‍යඅවශ්‍යයි  . 

අපේ දිළිඳුකම අඩු කර ගැනීම සඳහා ප්‍රායෝගික වූත් , සංවේදී වූත් , කෘෂිකාර්මික පිළිවෙතක් අවශ්‍ය වේ. ඒ සඳහා දේශීය ආහාර බෝග නිෂ්පාදනය ඉහළ  නැංවීමේ ක්‍රියාමාර්ගයක් 2007 සැප්තැම්බර් 03 වන දා සිට ක්‍රියාත්මක කර ඇත .



    ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය,

 
       මෙය කෘෂිකර්මය දියුණු කිරිම සඳහා ඇතිකරගත් සම්මතයකි. මෙය මගින් ආහාර බෝග , අපනයන කෘෂි  බෝග සහ මල් හා විසිතුරු පැළෑටි යන  අංග වලට අදාළ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනුයේ එම අංශ වල ගැටළු  නිරාකරණය කර ගැනීම සඳහා .මෙම ප්‍රතිපත්ති හා පරමාර්ථ ඉදිරිපත් කර ඇත්තේ ,
  • තාක්ෂණික වශයෙන් පිළිගත හැකි ,
  • ආර්ථික වශයෙන් සාධනීය ,
  • පාරිසරික වශයෙන් හිතකර ,
  • ආහාර හා පෝෂණය සුරකිමින් ,
  • වැඩි රැකියා අවස්ථා සහ ආදායමක් හිමිකර ගනිමින්, 
  • ගොවියාගේ ගැටළු  නිරාකරණය කරමින් මූලික අවශ්‍යතා  සපුරාලීම පිණිසයි  .

      

     අරමුණු හා පරමාර්ථ,


  •  ජාතියේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිනිස දේශීය කෘෂි කාර්මික නිෂ්පාදන වර්ධනය කිරීම .
  • ඵලදායීතාව ප්‍රවර්ධනය  හා තිරසාර වර්ධනයක් සහතික කිරීම .
  • ගොවියාගේ ජීවන මට්ටම දියුණු කිරීම 
  • ගොවිපල් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම .
  • දේශීය අපනයන කෘෂිකර්මය දියුණු  කිරීම.
  • කෘෂිකාර්මික රැකියා අවස්ථාවන් වැඩි කිරීම .
  • පරිසරයට හිතකාමී ලෙස කෘෂි කර්මාන්තයේ  නියලීමේ ක්‍රම භාවිතය .
  • නිශ්පාදන වියදම අඩු කර ලාභය වැඩිකර ගනිමින් වැඩිදියුණු කල කෘෂි තාක්ෂණයන්   භාවිතය .
  • දේශීය ආහාර බෝග භාවිතය වැඩි කිරීම .
  • කෘෂි ක්ෂේත්‍රය මත පදනම් වූ පෞද්ගලික අංශයේ ආයෝජන හා ව්‍යවසායකත්වය දියුණු කිරීම.
  • පරිසරි කළමනාකරණය සඳහා නීති රෙගුලාසි සකස් කිරීමට අවශ්‍ය ආයතනික හා යටිතල පහසුකම් ඇති කිරීම.


                                                                                                                                                                                                                                                                                                  ADLA G.O.plantation.