Friday, July 21, 2017

ADLA වගා ව්‍යාපෘතිය හා එක්වෙමු.



මේ අහන්න!




මේ අහන්න!
අපිත් ආසයි ඔයගොල්ලො වගේම සතුටින් ඉන්න. අපේ කට්ටියත් එක්ක ගහෙන් ගහට පැන පැන ජීවිතය විඳින්න. අපි කිව්වාට තව කට්ටිය හුඟාක් ඉන්නවා. ලස්සන ලස්සන කුරුල්ලො, පාට පාට සමනල්ලු, ගොන්නු, මුවෝ, ඉත්තෑවො, දඬු ලේන්නු, ලේන්නු...බඩ ගාගෙන යන කට්ටිය, කුඹි වගෙ පුංචිම අය. එක එක විදිහෙ තව හුඟාක් සත්තු - අපි එකට ජීවත්වෙනවා. කොටියො, දිවියො, වලස්සු එහෙම නං දැන් දකින්නෙ ඉඳලා හිටලා...අලි ත් ඉස්සර වගෙ නැහැ කියලා වැඩිහිටි අය කියනවා. 
අපේ සමහර අය තවත් සමහර අය එක්ක සටන් කෙරුවට, නිකං පුරුද්දට ගොදුරු කර ගත්තාට, අපි කාගෙවත් හිත්වල අනිත් අය ගැන තරහක් වෛරයක් නැහැ.  මේ කිසිම දෙයක් අයිති කරගන්න අපේ කාටවත් ඕන කමක් නැහැ. මේ වනාන්තර අපි හැමෝගෙම.
ඇයි ඉතිං ඔයගොල්ලො මේවා විනාශ කරන්නෙ?
අනේ! මොන හිතින්ද එහෙම කරන්නෙ ?
ඔයගොල්ලො හරිම නපුරුයි!
අපිට එන්න යන්න ඉන්න තැන් දැන් හුඟාක් අඩුයි. ඔයගොල්ලො එකතුවෙලා, දවසින් දවස වනාන්තර විනාශකරනවා.  ඔයගොල්ලන්ට ඕන දේවල් හදනවා. මේ වනාන්තර මැද්දෙන් ගලාගෙන ගිය ගංගා ඇළ දොළ එහෙමත් දැන් අතුරුදහන් වෙන්න පටන් අරං. අනේ ඒවායෙ ඉන්න මාළුවො, එයාලත් එක්ක තවත් අය ඉන්නවා. අපි ඔක්කොම පව්!
ඇයි අපිට මෙහෙම කරන්නෙ?
ඔයගොල්ලො දන්නෙ නැති වුණාට අපේ කට්ටියයි මේ ගහ කොළයි අතර ලොකු බැඳීමක් තියෙනවා. ගහ කොළ මරා දැම්මොත් අපිත් මැරෙයි. අපිව මරා දැම්මොත් ගහ කොළත් මැරෙයි. ඔයගොල්ලො හිතන්නෙ එතකොට ඔයගොල්ලො බේරෙයි කියලා ද? නැහැ! අන්තිමට ඔයගොල්ලන්ටත් යන එන මං නැති වෙනවා.
අපිට දැනෙන විදිහට නං මේ මුළු ලෝකයම එකට පවතින්න ඕනෙ. හැම දෙයක්ම එකට එක බැඳිලා. එකක් අනිකෙන් වෙන් කරනකොට එකක්වත් පතින්නෙ නැහැ!
අනේ මේ ගැන ටිකක් හිතන්නකො! අපිට වඩා ඔයගොල්ලන්ට මොළේ තියෙනවානෙ.
අපේ සමහරු නං කියන්නෙ, මිනිස්සුත් අපේ නෑදෑයො කියලා. ඒක නං කීයටවත් වෙන්න බැහැ. බොරු කතාවක්. එහෙම නං අපිට මෙහෙම කරයි ද?
අපිට හුඟාක් දේවල් තේරෙන්නෙ නං නැහැ. ඒත් එක දෙයක් හොඳටම තේරෙනවා. ඔයගොල්ලො මේ දැන් හිතන්න පටන් ගත්තොත්, මේ ගහ කොළ වගේම අපිත් රැකෙයි. නැත්තං ඉතිං අපිට යන්න වෙනවා.
අනේ ඉතිං මේ ලස්සන ලෝකය දාලා අපි යන්නෙ කොහොමද?
අපට මෙහෙම කරන්න එපා!
අපි, එකම රංචුවක් වෙමු!
ඒ ගොල්ලො වෙනුවෙන්...



ඔන්න, අපේ ගෙදර කිතුල් හකුරු දාලා තියෙන වීදුරු භාජනයට පුංචිම පුංචි කුඹී සේනාවක් ඇවිත්. ඒගොල්ලො යවන්න තියෙන එකම සරල ක්‍රමය තමයි, භාජනය අව්වෙ තියෙන එක. අව්වත් එච්චර සැර නැහැ හකුරු දියවෙන්න තරම්, ඉතිං භාජනය අව්වෙ තියල, මැස්සෙකුට එහෙම එන්න බැරිවෙන්න ලොකු දැල් පෙරණයකින් ආවරණය කරලම තිව්වා. වැඩේ හරි! අර පුංචි කුඹී සේනාව හෙමින් හෙමින් පරාජය භාර අරගෙන විසිර ගියා. ඒත් ටික වෙලාවයි ගියේ, කොහේදෝ ඉඳලා, ලොකු කුඹී සෙට් එකක් බය නැතුව ඇවිත් අර දැල් ආවරණය යටින් භාජනයට ඇතුළු වුණා.
මෙන්න ඒගොල්ලො, තමන් කලින් අරන් තියල තිබුණු හකුරු වගෙ, ලොකු කෑලි කෑලි උස්සගෙන කඩිසර ගමනින් ආපු පැත්තටම යන්න යනවා. ඒ මග නන්නත්තාර වෙලා ඉන්න පුංචි කුඹී ඒ ලොකු කුඹී දිහා බලාගෙන ඉන්න විදිහකුත් පේනවා. 
මාර වැඩේ!
''අපට තමයි ඔය සේරම නීති, උඹලට ඕන දෙයක් කරන්න පුළුවන්, ඈ!'' උන් එහෙම කියල හිත හදා ගන්නව ඇති.
'' අනේ පුංචි කුහුඹුවනේ! උඹලත් ඉතිං අපි වගේමයි...''
මම එහෙම කිව්වා! එයාලට ඇහුණා ද මන්දා!

ADLA green organic plantation : වැවයි දාගැබ යි ගමයි පන්සල යි!

ADLA green organic plantation : වැවයි දාගැබ යි ගමයි පන්සල යි!: වැවයි දාගැබ යි ගමයි පන්සල යි!  වැවයි දාගැබයි ගමයි පන්සල යි! කියන්නෙ, කවුරු කවදා නිර්මාණය කෙරුවත්, ඉතාමත්ම පුළුල් අර්ථයක් තිය...

වැවයි දාගැබ යි ගමයි පන්සල යි!




Image may contain: people standing, sky and outdoor






වැවයි දාගැබ යි ගමයි පන්සල යි! වැවයි දාගැබයි ගමයි පන්සල යි! කියන්නෙ, කවුරු කවදා නිර්මාණය කෙරුවත්, ඉතාමත්ම පුළුල් අර්ථයක් තියෙන සමීකරණයක්!ඒ කියන්නෙ;වැවයි දාගැබයි ගමයි පන්සලයි = තිරසාර සංවර්ධනය!
මේ තමයි මහින්දාගමනයෙන් පස්සෙ යළි සූත්‍රගතවන ලංකාව, එදා හෙළය.
බුදු දහම කියන, විශ්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය හෙවත් ජීවිතය පිළිබඳ යථා අත්දැකීම, එදා ලංකාව ට එන්නෙ අශෝක අධිරාජ්‍යයාගෙ රාජ්‍ය දේශපාලන පණිවිඩයක් හැටියට. එය එවකට පැවති දෙවැනි පෑතිස් රජ සමය විසින් ඉතාමත් ම තර්කානුකූළ විදිහට ග්‍රහණය කරගන්නවා.
එදා හෙළය, භාරත දේශපාලනය හරහා එන 'බුද්ධාගම' තුළ තිබෙන ගැඹුරු විද්‍යාව ( අවිද්‍යාව ට එරෙහි! ) ඉතා හොඳින් වටහා ගන්න සමත් වීම, මුළු මානව සංහතියම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දක්වා ත් විහිදෙන ඒ ඓතිහාසික ක්‍රියාවලිය, මේ වනවිට අසම සම මහා දැනුම් පද්ධතියක් ලෝකයට දායාද කර තිබෙනවා.
එදා හෙළයෙ පාලන යාන්ත්‍රණය හෙවත් ලංකාවට අනන්‍ය ඓතිහාසික දේශපාලනය, වඩා මානවවාදී සහ විශේෂයෙන්ම ස්වභාවධර්මය සමඟ හොඳින් සුසර වන ආකාරයට ප්‍රතිසංවිධානය වෙමින් ගලාගෙන එන්නෙත් ඒ සන්දර්භය තුළමයි.
එදවස ගොඩ නැගුණු සහ අද අපට අහිමි වෙමින් යන, ගොවිබිම සහ ගොවිකම කියවා ගන්න නං මෙන්න මේ අතීතය හොඳින් කියවා ගන්නම වෙනවා.
බලන්න! ගංගා හරස් නොකළ, හෙළයෙ වැව් පද්ධතිය සහ ස්වභාව ධර්මය සමඟ සුසංයෝග වන මහා වාරි තාක්ෂණය. අපේ කෙත්වතු තුළ තිබුණු 'ජීවිතය' තමයි හෙළ සංස්කෘතිය විදිහට අපට කියවා ගන්න ලැබෙන්නෙ.
අපේ කුඹුරු තුළ දිය බැස්ම සකස් වී තිබුණු ආකාරයට පාංශු පෝෂණය තහවුරු කෙරුණා. ඒ ක්‍රමය තුළ වල් පැළෑටි තර්ජනය අවම වුණා. කෘමි උවදුර ත් ජෛව යාන්ත්‍රණය තුළ ම සමබර වුණා. ඒ අතර කුඹුර ඉස්මත්තෙ කුරුළු පාළුව ගැන හිතන්න!
මොන තරම් සුන්දර සහ විද්‍යාත්මක අත්දැකීමක් ද? ඉතිං ඒ වගා බිමෙන් පෝෂණය වන එදා ගම ගැන කුමන කතා ද? ජෛවගෝලය සමඟ පෑහෙන ගොවිබිම සහ ගොවිකම, ස්වභාවධර්මය තුළ ජීවිතය, පන්සලේ ඝාන්ඨාර නාදය, සාමුහිකත්වය, සශ්‍රිකත්වය!
වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ මේ සියල්ල! අපට මගහැරෙන සහ නුතන වෙළෙඳපොළ විසින් සැලසුම් සහගතව අපෙන් මඟ හරවන, ලාංකේය ජාතිකත්වයේ - මේ ඓතිහාසික සංස්කෘතික පාදම නිවැරදිව වටහා ගත්තොත්, 'ජීවිතය' සහ ජීවිතය නිරුපද්‍රිතව පවතින, ''නියම තිරසාර සංවර්ධනය'' මොකද්ද කියලා මුළු ලෝකයටම කියා දෙන්න අපට පුළුවන්!
CHAPA

July 19, 2017
මේ තමයි මහින්දාගමනයෙන් පස්සෙ යළි සූත්‍රගතවන ලංකාව, එදා හෙළය.බුදු දහම කියන, විශ්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය හෙවත් ජීවිතය පිළිබඳ යථා අත්දැකීම, එදා ලංකාව ට එන්නෙ අශෝක අධිරාජ්‍යයාගෙ රාජ්‍ය දේශපාලන පණිවිඩයක් හැටියට. එය එවකට පැවති දෙවැනි පෑතිස් රජ සමය විසින් ඉතාමත් ම තර්කානුකූළ විදිහට ග්‍රහණය කරගන්නවා.එදා හෙළය, භාරත දේශපාලනය හරහා එන 'බුද්ධාගම' තුළ තිබෙන ගැඹුරු විද්‍යාව ( අවිද්‍යාව ට එරෙහි! ) ඉතා හොඳින් වටහා ගන්න සමත් වීම, මුළු මානව සංහතියම ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම දක්වා ත් විහිදෙන ඒ ඓතිහාසික ක්‍රියාවලිය, මේ වනවිට අසම සම මහා දැනුම් පද්ධතියක් ලෝකයට දායාද කර තිබෙනවා.එදා හෙළයෙ පාලන යාන්ත්‍රණය හෙවත් ලංකාවට අනන්‍ය ඓතිහාසික දේශපාලනය, වඩා මානවවාදී සහ විශේෂයෙන්ම ස්වභාවධර්මය සමඟ හොඳින් සුසර වන ආකාරයට ප්‍රතිසංවිධානය වෙමින් ගලාගෙන එන්නෙත් ඒ සන්දර්භය තුළමයි.එදවස ගොඩ නැගුණු සහ අද අපට අහිමි වෙමින් යන, ගොවිබිම සහ ගොවිකම කියවා ගන්න නං මෙන්න මේ අතීතය හොඳින් කියවා ගන්නම වෙනවා.බලන්න! ගංගා හරස් නොකළ, හෙළයෙ වැව් පද්ධතිය සහ ස්වභාව ධර්මය සමඟ සුසංයෝග වන මහා වාරි තාක්ෂණය. අපේ කෙත්වතු තුළ තිබුණු 'ජීවිතය' තමයි හෙළ සංස්කෘතිය විදිහට අපට කියවා ගන්න ලැබෙන්නෙ.අපේ කුඹුරු තුළ දිය බැස්ම සකස් වී තිබුණු ආකාරයට පාංශු පෝෂණය තහවුරු කෙරුණා. ඒ ක්‍රමය තුළ වල් පැළෑටි තර්ජනය අවම වුණා. කෘමි උවදුර ත් ජෛව යාන්ත්‍රණය තුළ ම සමබර වුණා. ඒ අතර කුඹුර ඉස්මත්තෙ කුරුළු පාළුව ගැන හිතන්න!මොන තරම් සුන්දර සහ විද්‍යාත්මක අත්දැකීමක් ද? ඉතිං ඒ වගා බිමෙන් පෝෂණය වන එදා ගම ගැන කුමන කතා ද? ජෛවගෝලය සමඟ පෑහෙන ගොවිබිම සහ ගොවිකම, ස්වභාවධර්මය තුළ ජීවිතය, පන්සලේ ඝාන්ඨාර නාදය, සාමුහිකත්වය, සශ්‍රිකත්වය!වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන්නෙ මේ සියල්ල! අපට මගහැරෙන සහ නුතන වෙළෙඳපොළ විසින් සැලසුම් සහගතව අපෙන් මඟ හරවන, ලාංකේය ජාතිකත්වයේ - මේ ඓතිහාසික සංස්කෘතික පාදම නිවැරදිව වටහා ගත්තොත්, 'ජීවිතය' සහ ජීවිතය නිරුපද්‍රිතව පවතින, ''නියම තිරසාර සංවර්ධනය'' මොකද්ද කියලා මුළු ලෝකයටම කියා දෙන්න අපට පුළුවන්!CHAPA
July 19, 2017July 19, 2017

Monday, July 17, 2017

ADLA green organic plantation : ගම්මිරිස් වගාව ,

ADLA green organic plantation : ගම්මිරිස් වගාව ,:                                                                                           විද්‍යාත්මක නම     -     Piper nigrum L...